අසාර්ථක වසර දෙකක්..... (2018 මාර්තු සිට 2020 ජනවාරි)

 


2018 මාර්තු මසින් අවසන් වූ මාගේ KPMG ශ්‍රී ලංකා ආයතනයේ සේවා කාලයෙන් පසුව උදාවුයේ වෘත්තිමය වශයෙන් සුබදායි කාලයක් නොවේ.

2018 මාර්තු 06 වෙනි දින මාගේ ආයතනයෙන් ඉවත් වී යාමේ සම්මුඛ සාකච්චාව KPMG ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණ අංශයේදී පැවැත්විණි.

2018 මාර්තු 19 වෙනි දින මාගේ ඇතුළු තව ආයතනයෙන් (KPMG ශ්‍රී ලංකා) ඉවත් වූ සේවකයන් කිහිපදෙනෙකුට සමුගැනීමේ උත්සවය පැවැත්විණි.

2018 මාර්තු මස Sunday Times පුවත්පතේ පළවූ Diesel & Motor Engineering PLC (DIMO) ආයතනයේ පරිපාලක විධායක (Administrative Executive) තනතුරකට විද්‍යුත් තැපැල හරහා මම අයදුම් කලෙමි. අදාළ රැකියාවට තෝරාගැනීමේ සම්මුඛ සාකච්චාව උදේ අටට අප්‍රේල් 23, 2018 පැවැත්විනි. එම තනතුරට මා තෝරාගත් බව මා හට දුරකථන ඇමතුමක් හරහා දැනුම් දුන් අතර මැයි 01, 2018 දින මාගේ රැකියාව තහවුරු කිරීමට අවශ්‍යය අදාළ ලේඛණයන් ඉදිරිපත් කිරීමට සිදුවිය. ඉන්පසු මැයි 02, 2018 සිට මාගේ වෘත්තීය ජීවිතය ආරම්භ විය. අවාසනාවකට පැවති කායික, මානසික රෝගී තත්ත්වයන් මෙන්ම දුර්වල අභිප්‍රේරණය නිසා මැයි 08, 2018 මාගේ වෘත්තීය ජීවිතය අවසන් විය.

මෙම කාලය තුළ ඉතාමත් අධික සාහිත්‍යමය පොත් ප්‍රමාණයක් මිලදී ගත් මම මාගේ කාලය, මුදල් හා මානසික ශක්තිය විශාල ලෙස අනවශ්‍ය දෙයකට කැපකළ බව පැවසිය යුතුය.

මේ සමයේ මම ශ්‍රී ලංකා වරලත් ගිණුම්කරණ ආයතනයේ [Institute of Chartered Accountants of Sri Lanka (ICASL)] විධායක අදියරේ (Executive Level) අධ්‍යාපන කටයුතු වල උපකාරක පංති වලට සහභාගී නොවී යෙදී සිටියද එයද සාර්ථකව අවසන් කරගැනීමට නොහැකිවිය. මැයි 30, 2018 දින විධායක අදියරේ තොරතුරු තාක්ෂණ (Information Technology - IT) විෂය ලිවීමට හැකි විය.

ඉන්පසු විශාල රැකියා ප්‍රමාණයකට මා Sunday Times පුවත් පත හරහා මෙන්ම අනෙකුත් මාර්ග හරහා රැකියාවක් සඳහා අයදුම්පත් (Top Jobs .lk) ඉදිරිපත් කලද මා සඳහා රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය.

2018 අප්‍රේල් මස මම සම්පත් බැංකුවේ මානව සම්පත් කළමනාකරණ අංශයට මාගේ වෘත්තීය යෝග්‍යතා අයදුම්පත්‍රයක් මම ඉදිරිපත් කළෙමි. අදාළ අයදුම්පත්‍රයට අවශ්‍ය තේරීම් විභාගය ජූලි 19, 2020 දින පැවැත්විණි.

2018 අගෝස්තු 07 දින බේකර් ටිලි : එදිරිසිංහ සහ සමාගම (Baker Tilly : Edirisinghe & Co.) හි විගණන රැකියාවක් සඳහා වෘත්තියට තෝරාගැනීමේ සම්මුඛ සාකච්චාවකට යොමු වුනු අතර එදිනම පෞද්ගලික හේතු මත එම රැකියාව භාර නොගැනීමට තීරණය කළෙමි.

සම්පත් බැංකුවේ රැකියාවට තෝරාගැනීමේ දෙවන සම්මුඛ සාකච්චාව කොළොඹ ප්‍රධාන කාර්යාලයේ උදේ 11ට අගෝස්තු 29, 2018 වෙනි දින පැවති අතර තෙවැනි සම්මුඛ සාකච්චාව අගෝස්තු 31 වෙනිදා, 2018 පැවතිනි. ඒ උදේ 9ටය.

ඉන්පසු මා සඳහා සම්පත් බැංකුවේ රැකියාවට පැමිණෙන ලෙස සැප්තැම්බර් 19 වෙනිදා, 2020 සිට ආරම්භ විය.

සැප්තැම්බර් 24 වෙනිදා සිට මා සඳහා වත්තල ශාඛාවට ඇතුළත් වීමට සිදුවිය.

ඔක්තෝබර් 24 වෙනිදා පෞද්ගලික හේතුන් මත මම සම්පත් බැංකුවේ වත්තල ශාඛාවේ රැකියාවෙන් ඉවත් වුනෙමි.

2018 වසර තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවීම මාගේ වෘත්තිමය ජීවිතයට යම්කිසි සෘණාත්මක බලපෑමක් එක්කරන බව මට වැටහුණි. මෙයට මා හට පැවති මානසික දුර්වලතවයන්ද බලපෑ බව පැවසිය යුතුයි. අධික විශාධය නිසා හටගත් මේ තත්ත්වයට මුහුණ පෑමට නොහැකි වීම නිසා ඇතිවූ මානසික අසහනයට මුහුණ දීමට පසුව මම මානසික වෛද්‍යවරයකු හමුවීමට ගියේය. ඒ නොවැම්බර් 28 වෙනිදාය. ඇයගේ අවවාදය වුයේ අදාළ විභාග වලට සහභාගී වන ගමන් වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්නා ලෙසයි.

මෙසේ අසාර්ථක සැලසුම්කරණය හා දුරදක්නා තීරණ ගැනීමක් නොමැති නිසා ඇතිවූ 2018 වර්ෂයේ අසාර්ථකත්වය මාගේ වෘත්තිමය මෙන්ම අධ්‍යාපනික ජීවිතයට සෘණාත්මක ලෙස බලපෑවේය.

2019 ජනවාරි 09 වෙනි දින මාගේ වෘත්තීය යෝග්‍යතා අයදුම් පත්‍රයක් SJMS / Delloitte  ආයතනයට ලබා දුන්නෙමි. ඉන්පසු ජනවාරි 16 වෙනිදා තෝරාගැනීමේ විභාගයකටත්  අවසාන සම්මුඛ පරීක්ෂණයට උදේ 9.15 ට ජනවාරි 21 වෙනිදා ආරාධනා ලැබිණි. රැකියාව 23 ජනවාරි දින 2019 වසරේ ආරම්භ වූ අතර එම රැකියාව ද වැඩි කාලයක් යෑමට නොහැකි විය. එම රැකියාවද මාර්තු 25 වෙනි දින අවසන් වුයේ මාගේ පෞද්ගලික දුර්වලතාවයන් නිසාය.

2019 වසර තුළ අධ්‍යාපනික වශයෙන් ද සාර්ථකත්වයක් ලඟා කරගැනීමට නොහැකි විය. මා හට වරලත් ගිණුම්කරණ ආයතනයේ විභාග හෝ වෙනත් විභාගයක් ද සමත් වීමට නොහැකි විය.

2019 වසර දෙසැම්බර් මස මම ව්‍යාපාර විෂය ක්ෂේත්‍රයට අදාළ පශ්චාත් උපාධියක් කොළඹ විශ්වවිද්‍යාලය හරහා සිදුකිරීමට පටන්ගත් අතර එය මාස තුනකින් එනම් පෙබරවාරි 2020 නැවත නැවත්වීමට සිදු විය. ඒ නෙක්ස්ට් කැම්පස් (NEXT Campus) ආයතනය කළමනාකරණ පුහුණු තනතුරක් ලැබීම නිසාය. එම රැකියාව ආරම්භ වුයේ ජනවාරි 31, 2020 වෙනිදාය.

2018 හා 2019 වර්ෂයන් දෙක තුළ අධික ලෙස සිනමා කෘති නැරඹීමත් (ශ්‍රී ලාංකීය, හොලිවුඩ් සහ අනෙකුත්) හා සාමාන්‍යය වේගයකින් සාහිත්‍යය ඇසුරු කළ අතර එමනිසා මාගේ අධ්‍යාපනයට දැඩි බාධාවක් වූ බව විශේෂයෙන් පැවසිය යුතුයි. තවද විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති කරමින් ඉතාමත් ඉහළ ප්‍රමාණයක සාහිත්‍යමය සහ සාහිත්‍යමය නොවන පොත් රැසක් මිලදීගැනීමට මම යොමු වුනෙමි. මේ නිසා මගෙත් අම්මාගේත් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති විය.

තවද මාගේ මනෝභාවාත්මක ලෙස ගතකරන කාලයද අධික ලෙස ඉහල ගියේය. අධ්‍යාපනයට හා නිවැරදි වෘත්තීය ජීවිතයක් ලඟාකරගැනීමේ අරමුණු මා තුළින් පහව ගියේය. ඒ හරහා නැගුණු උදාසීනත්වය හරහා 2015 වසර සිට 2017 වසර තුළ ළඟා කරගත් සාර්ථකත්වයන් බොහෝ විට නිෂ්ඵල වී ගියේය. මෙසේ ගොඩනැගුණු අසාර්ථකත්වයන් පිරි කාලයක් 2018 සිට 2019 යන වසර වල පිරි තිබුණි.

2020 ජනවාරි 31 දින නෙක්ස්ට් කැම්පස් (NEXT Campus) නම් ත්‍රතීය අධ්‍යාපනික සේවා සපයන ආයතනයේ රැකියාවක් ලැබීම තරමක් දුරට ළඟාකරගත් සාර්ථකත්වයක් වුවද මාගේ පෙර පැවති වෘත්තීය පුහුණුවට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් ලෙස මෙම රැකියා අවස්ථාව හැඳින්විය හැක. "ශිෂ්‍යය කටයුතු" භාර රැකියාවක් වන මෙහි කිසිදු ගිණුම්කරණ හෝ විගණන කටයුතු ඇතුළත් නොවේ.

මෙසේ බොහෝ පසුබැහිම් හා අසාර්ථකත්වයන්ගෙන් පිරුණු කාලයක් වන මෙම වසර දෙක හරහා යම්කිසි ආලෝකයක් මාගේ වෘත්තීය හා අධ්‍යාපනික ජීවිතයට ළඟා කරගැනීමට දරණ උත්හසයක ප්‍රතිඵලයකි මෙම ලේඛණය.


ආශ්‍රිත මුලාශ්‍ර


Comments

Popular posts from this blog

අයාලේ ගිය මම, ආචාර ධර්ම හා විද්‍යුත් විගණන කටයුතු (KPMG මතක)

2 years of failure..... (2018 March to 2020 January)