අයාලේ ගිය මම, ආචාර ධර්ම හා විද්‍යුත් විගණන කටයුතු (KPMG මතක)





මම බැංකුකරණය, ව්‍යාපාර කළමනාකරණය හා ගිණුම්කරණය පිළිබඳව අධ්‍යයනය කරන අතර තුර "වසර දෙකක" කොන්ත්‍රාත්තුවක් ඇතිව "KPMG ශ්‍රී ලංකා" ශාඛාවේ "බාහිර මුල්‍යය වාර්තා විගණන අංශයේ ආරම්භක සේවකයකු ලෙස සේවයේ යෙදුනේ ඉතාමත් සංකීර්ණ පෞද්ගලික මානසික ව්‍යකුලතාවයන්ද සමඟය. එමනිසා මෙම තත්ත්වය වචන ලෙස ලේඛණගත කිරීම ඉතා අපහසු වනු ඇත. මෙම වසර දෙක "2016 පෙබරවාරි" සිට "2018 පෙබරවාරි" යන කාලපරිච්චේදයට අදාල වේ.

 මෙම වසර දෙක තුළ මාගේ පෞද්ගලික හා අධ්‍යාපනික ජීවිතයද තරමක් ව්‍යාකුල විය. මම "2015 ජුනි" මස සිට "2015 දෙසැම්බර්" මාසය දක්වා අභ්‍යාසලභියකු ලෙස "සම්පත් බැංකුවේ" සේවය කරන කාලය තුළ ලද වෘත්තීය පරිචය හා දැනුමට සාපේක්ෂව වෘත්තිමය වෙනස්වීම තුළ KPMG ශ්‍රී ලංකා ශාඛාව තුළ විගණන වෘත්තික ජීවිතය තරමක් "අයාලේ ගිය ස්වභාවයක්" ගත් බව පැවැසිය යුතුයි. 2010, එනම් අ.පො.ස. උ/පෙළ පසු ජීවිතය තරමක මානසික ආතතිය, උදාසීනත්වය හා අධ්‍යාපනික වශයෙන් අසාර්ථක වුවද බැංකුකරණය (2015 දී) ඇතුළත් වීමත් සමඟ තරමක් දුරට බොහෝ සෘණාත්මක පෞද්ගලික මෙන්ම මගේ සමාජයීය ජීවිතයද තරමක් සාර්ථක ලෙස හොඳ ජීවගුණයෙන් පිරි ස්වභාවයක් ගත්තේය. නමුත් ඒ හොඳ ජීවගුණය තම ජීවිතයෙන් ඉවත්ව යාමට ගතවුයේ මාසයක් (2016, ජනවාරි) වැනි කාලයක් පමණි.

නැවත මා උදාසීන, අසාර්ථක හා මානසික ආතතියෙන් පෙළෙන එනම් 2010න් පසු පැවැති මානසික මට්ටමට නැවත පහත වැටුණු බව පැවසිය යුතුය. එනමුදු යම්කිසි අයුරින් හෝ අවශ්‍යය මුලික අධ්‍යාපනික කටයුතු හා අදාළ වෘත්තිමය පුහුණුව සාමාන්‍යය ලෙස හෝ ලඟා කර ගැනීමට හැකිවීම ගැන මා සතුටු වෙමි. මෙම කාලපරිච්චේදය, එනම් 2016 සිට 2018 දක්වා වූ විගණන ජීවිතය ඉතාමත් වැදගත් මෙන්ම මාගේ වසර 26ක් වූ ජීවිතය තුළ ද ඉතාමත් විශේෂිත හා ප්‍රබෝදමත් කාලයක් ලෙස ගත හැක.

මෙම කෙටි ලේඛණයේ මාතෘකාවේ මා "අයාලේ ගිය" බවක් පැවසේ, මෙම කාලපරිච්චේදය එනම් 2016 සිට 2018 දක්වා මා 'අයාලේ ගිය' යන බව දැක්වෙන මෙම වචනය ගැඹුරින් හා තවත් පැහැදිලි කල යුතු යැයි මට සිතේ.

මා 2016 පෙබරවාරි සිට 2018 පෙබරවාරි / මාර්තු දක්වා KPMG ශ්‍රී ලංකා ශාඛාවේ එක් හවුල්කරුවකු වන ධම්මික රාජපක්ෂ මහතා යටතේ ව්‍යාපාර සමාගම් මුල්‍ය ප්‍රකාශන විගණන අංශයේ සේවය කළ අතර, ජේෂ්ඨ විගණන කළමනාකරු අසීම් උවෙයිස්, විගණන කළමනාකරු නිෂාන්ත අධිකාරී ඇතුළු එක් විගණන ව්‍යාපෘති කළමනාකරුවකු යටතේද (චාමර මධුශංක) හා විගණන අධික්ෂකයන් හතර දෙනෙක් යටතේද (නම්ශාන් නවාස්, සෙයිද් උවෙයිස්, භාග්‍යා මෙනවිය, දර්ශණ සේනානායක) මට සේවය කිරීමට ලැබිනි.

එනමුදු වසර දෙක පුරා අදාළ මුල්‍යය වාර්තා විගණනය පිළිබඳව මා හට පැවරී තිබුණ අදාළ මුල්‍යය ප්‍රකාශන වල තෝරාගත් මාතෘකා (Captions) විගණනයේදී, අදාළ විගණන ක්‍රියාපටිපාටියේ එන විවිධ පියවර සම්පුර්ණ කිරීමේදී, අදාළ KPMG ශ්‍රී ලංකා ශාඛාවේ මෙන්ම සමස්ථ ජගත් ගෝලීය KPMG ආයතන විසින්ද යොදාගන්නා විද්‍යුත් විගණන මෘදුකාංගය පිළිබඳව කටයුතු කිරීමේදීද, ශ්‍රී ලාංකීය ගිණුම්කරණ ප්‍රමිත ( Sri Lanka Accounting Standards - LKAS ) මෙන්ම ශ්‍රී ලාංකීය විගණන ප්‍රමිත ( Sri Lanka Audititng Standards - SLAuS ) පිළිබඳව තිබිය යුතු දැනුමත් පරිචය පිළිබඳව විශ්වාසයත් හා අදාළ මා විසින් විගණනය කරන ලද මුල්‍ය වාර්තා මාතෘකාවල (Captions) වල මෙන්ම මා විසින් සිදුකරන ලද විගණන ක්‍රියාපටිපාටින් වල නිර්වද්යතවයද පිළිබඳව තරමක් සැලකිය යුතු "සැක සහිත බවක්" පැවති බව පැවසිය යුතුය.

මේ 'සැක සහිත බව' ඉහත මා සේවය කළ මාගේ සියළුම ජේෂ්ඨයන් වසර දෙක (2016 - 2018) පුරා මා විසින් සිදුකරන ලද අදාළ විගණනයට අදාළ කටයුතු විශ්ලේෂණයේදී මා හට දිගින් දිගටම පැහැදිලි කර දෙන ලදී. එනම් ඒවායේ නිරවද්‍යතාවය පිළිබඳව 2016 සිට 2018 දක්වා ඒ ඒ මුල්‍යය වාර්තා වල විගණනයේදී පැවැති තත්ත්වය බලාපොරොත්තුවූ ප්‍රමිතියකින් විගණනය නොවූ බවයි. මෙම තත්ත්වය මඟහරවා ගැනීමට මා විසින් නිසි ප්‍රතික්‍රියා නොයෙදීම මෙම ලේඛණයේ එන 'අයාලේ ගිය' යන මාතෘකාව යටතේ පෙන්වා දිය හැක. එමනිසා ප්‍රධාන මාතෘකාවේ එක් කොටසක් මේ වනවිටත් මා විසින් පැහැදිලි කර අවසන්ය. කෙනෙකු හෝ දෙයක් අයාලේ යන්නේ එය යා යුතු මගෙහි නොයන විටය. එලෙසම ඉහත ජේදයේ සඳහන් බොහෝ විගණන වෘත්තිමය වශයෙන් පැවැතිය යුතු කුසලතා මා සතුව නොපැවතිය හෙයින්ද ඒවා ඇතිකරගැනීමට අවශ්‍යය පියවර නිසි අයුරින් නොගැනීමද මෙම තත්ත්වයට හේතු ලෙස දැක්විය හැක. මෙම පියවර පහත අයුරින් පිලිවෙලින් ලියා දැක්විය හැක.

(01) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (LKAS) සහ ශ්‍රී ලංකා විගණන ප්‍රමිත (SLAuS) නිසි අයුරින් අදාළ විගණනය කරන ආයතනයට ගැලපෙන ලෙස අධ්‍යනය කර අදාළ විගණන ක්‍රියාපටිපාටින්ගේ යෙදීම.

(02) සැමවිටම තම විගණන ආයතනයේ ජේෂ්ඨයන් සමඟ තම විගණන ක්‍රියාපටිපාටින් ගැන සාකච්චා කර තහවුරු කර ගැනීම.

(03) විගණනයට ලක්වන ආයතනයේ මුල්‍ය අංශයේ හා අප ආයතනයේ (KPMG) අවශ්‍යතාවය මත අදාළ විගණන ක්‍රියාපටිපාටීන් නිසි කාලපරිච්චේදයට ගැළපෙන අයුරින් අවසන් කිරීම.

(04) KPMG ශ්‍රී ලංකා ශාඛාව විසින් පවත්වාගෙන යනු ලබන විද්‍යුත් විගණන මෘදුකාංගය නිවැරදි අයුරින් භාවිත කරමින් අදාළ විගණන ව්‍යාපෘතියේ උපරිම සඵලදායකත්වයෙන් අවසන් කිරීම.

ඉහත දැක්වෙන බොහෝ පියවරයන් මා විසින් අනුගමනය නොකළා නොවේ. නමුත් මෙහිදී සිදුවුයේ බොහෝ විට "සඵලදායකත්වය" ලඟා කරගැනීමට නොහැකි වීමයි. එනම් බොහෝ විට "කාර්යක්ෂමතාවය" මගේ විගණන ක්‍රියාපටිපාටීන් තුළ තිබුනද එම පියවරයන්හි "ඵලදායිතාවය" සැක සහිත වීමයි. එනම් බොහෝ විට සිදුවුයේ අදාළ පියවරයන් විගණනයේදී නිසි අයුරින් අවසන් කර ප්‍රතිඵල ලබාගත්තද ඒවායේ නිරවද්‍යතාවය ජේෂ්ඨයන් බලාපොරොත්තු වූ ප්‍රමිතියට ලඟා නොවීමයි.

මෙවැනි තත්ත්වයන් ඇතිවීමට බොහෝ විට හේතු සාධක වුයේ මා ව්‍යාපාර කළමනාකරණයට අදාළ විද්‍යාවේදී උපාධියක් හැදෑරීමත් හා බැංකුකරණයට අදාළ වෘත්තීය පාඨමාලාවක් වන "ව්‍යවහාරික බැංකු සහ මුල්‍ය අන්තර් පාඨමාලාව" (Intermediate in Applied Banking and Finance - IABF) හැදෑරීමත්ය. මෙම අදාළ පාඨමාලාව උගන්වන්නේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (Institute of Bankers of Sri Lanka) විසිනි. තවද මෙම වසර දෙක තුළ මා 2016 සිට 2018 වන විට මුල්‍ය ගිණුම්කරණයට අදාළ වෘත්තීය පාඨමාලා වන වරලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ (Chartered Institute of Management Accountants - CIMA) පළමුවන අදියරේ විභාගද, පසුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (Institute of Chartered Accountants of Sri Lanka) පළමුවන අදියරේ විභාගද සිදුකරන ලදී. මෙවැනි තත්ත්වයක් ඇතිවුයේ මාගේ පෞද්ගලික වෘත්තිමය අධ්‍යාපන වශයෙන් සිදුකරන ලද තීරණයක් හේතුවෙනි. මෙවැනි අධික අධ්‍යාපනික බරපැනක් මැද වෘත්තිමය ජීවිතයෙහි සඵලදායකත්වය කළමනාකරණය ඉතාම අපහසුය. එමනිසා මෙයද ඉහත පියවරයන්ට ලඟා වීමට නොහැකි වීමට හේතුවක් විය.

තවද විශාල බ්ලොග් පිටු ප්‍රමාණයක් අවසන් කීරීමට ආරම්භ කිරීම, ඡයාරුපකරණය, මොනොභාවත්මක සිතුවිලි හා මානසික ආතතියට ලක්වීමද එයට ප්‍රතිකාර ගැනීම නිසා වෘත්තීය මෙන්ම පෞද්ගලික ජීවිතයද තරමක් දුරට සඵලදායකත්වයට ලඟා නොවීමට හේතු විය.

ඉහත ඡද දෙකෙහි සඳහන් සාරාංශගත කරන ලද හේතු නිසා බොහෝ විට මට පෙර සඳහන් විගණන වෘත්තියේ සාර්ථකත්වයට ළඟා වීමට ගත යුතු පියවර නිසි අයුරින් අනුගමනය කිරීමට නොහැකි විය. එමනිසා මෙහි එන "අයාලේ ගිය මම" යන වාක්‍යය තරමක් දුරට මෙම ලේඛණය කියවන්නාට පැහැදිලි වේ යැයි මම සිතමි.

ජගත් බණ්ඩාරනායකගේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය පළමු කොටසට අනුව ව්‍යාපාරයන්හි සමාජ වගකීම හා ආචාර ධර්ම එකම කණ්ඩයක් යටතට ඇතුලත් සංකල්පයයෝය. ව්‍යාපාර පරිසරයේ දක්නට ලැබෙන සදාචාර මුලධර්ම හෝ විෂමාචාර පිළිබඳව ගැටළු පරික්ෂා කිරීමට භාවිතා කරන ක්‍රමවේදය ව්‍යාපාර අචාරධර්ම ලෙස හැඳින්වේ.

බොහෝ විට සෑම වෘත්තිකයකුම තම වෘත්තිමය ජීවිතයේදී අදාළ "වෘත්තිමය ආචාර ධර්ම" පිළිබඳව නිවැරදි අවබෝධයෙන් හා දැනුමෙන් පිරිපුන්ව කටයුතු කල යුතුය.

මාගේ වෘත්තීය ජීවිතයේ ව්‍යාපාර ආචාර ධර්ම වල භාවිතයද ඉතාම වැදගත් ලෙස සැලකිය හැක. මුල්‍ය වාර්තා විගණනය හා ඒවායේ නිවැරදි බව විශ්ලේෂණයේදී එයට අදාළ "වෘත්තීමය ආචාර ධර්ම" පිළිබඳව අදාළ වෘත්තීය පුහුණු ආයතන මඟින් පිහිටුවා ඇති බොහෝ ලේඛණ මෙන්ම පුහුණු වීම් වලටද මා හට සහභාගී වීමට සිදුවිය. මෙයට අවශ්‍යය මුලික පසුබිම "ගිණුම්කරණ තාක්ෂණික ආයතනය" (Association of Accounting Technicians - AAT) විසින් ලබාදුන් ආචාර ධර්ම පිලිබඳ ලේඛණය මඟින් වාසි අත්කර ගැනීමට හැකි විය. 2017 වර්ෂයේදී මාගේ වර්ශයක විගණන පුහුණුව හරහා මා හට "ගිණුම්කරණ තාක්ෂණික ආයතනයේ" ආරම්භක සාමාජිකයකු ලෙසද කටයුතු කීරීමට හැකිවිය. මේ සඳහා අවශ්‍යය පුහුණුව 2017 නොවැම්බර් 25th වෙනි දින අවශ්‍යය "හැඩගැසීම සඳහා උපදේශණ මාලාව" පැවැත්වීම එම ආයතනය විසින්ම සිදුකරන ලදී.


මාගේ පෞද්ගලික හා වෘත්තිමය ජීවිතයේ ආචාර ධර්ම වල භාවිතය සංසන්දනාත්මකව හොඳ මට්ටමක පැවති බව මාගේ ජේෂ්ඨයන් පැවසිය. මෙය මෙම ලේඛණයට අදාළ කරන්නේ මා හට වෘත්තීය ආචාර ධර්ම වලට අවශ්‍යය මුලික පුහුණුවක් "ශ්‍රී ලංකා ගිණුම්කරණ තාක්ෂණික ආයතනය" විසින් ලබාදීම නිසා වෙනි.

තවද 2015 දී මා විසින් කරන ලද "ශ්‍රී ලංකා කොළඹ කොටස් වෙළඳපොල ආයෝජන" බොහෝ ප්‍රමාණයක් මා හට නැවත මාගේ පෞද්ගලික මුදල් ලෙස ලබාගැනීමට සිදුවුයේද මෙවැනි මුල්‍ය ගිණුම්කරණයට අදාළ ශ්‍රී ලාංකීය වෘත්තීය පරිසරය තුළ පවත්නා ව්‍යාපාර ආචාර ධර්ම වල අවශ්‍යතාවය මතයි.

එමනිසා ව්‍යාපාර ආචාර ධර්ම හා මගේ විගණන ජීවිතය 2016 සිට 2018 අතර දැඩි බැඳියාවක් පැවැතියේ යැයි නොකීවාට වරදක් නැත.

එම බැඳියාව "ධනාත්මකව බැවින් ඉවත් වී සෘණාත්මක ස්වභාවයක් ගන්නේ" බොහෝ විට 2016-2018 දක්වා මා විසින් විගණනය කරන ලද ආයතන වල මා විසින් අනුගමනය කරන ලද විගණන ක්‍රියාපටිපාටින්ගේ පැවති "දුර්වලතා" හේතුවෙනි. එවිට අදාළ ආයතනයේ මුල්‍ය වාර්තා විගණනය කර ලබා දෙන විගණන වාර්තාවේ නිරවද්‍යභාවය සැකසහිත බවක් ඇතිවේ. නමුත් එම තත්ත්වය මඟහරවා ගැනීමට මාගේ "ජේෂ්ඨයන්" මඟ බලාගත්තේය. ඔවුන් නිවැරදි අයුරින් අදාළ විගණන ක්‍රියාපටිපාටිය මා විසින්ද මා මෙන්ම මාගේ විගණන කණ්ඩායමේ සිටි අනෙකුත් අයද අනුගමනය කලේද යන්න නැවත විශ්ලේෂණය කිරීම මඟින් තහවුරු කළ බව මෙහිදී සඳහන් කළ යුතුයි.


"විද්‍යුත් විගණනය (eAudit)" යනු "KPMG ශ්‍රී ලංකා" බාහිර විගණන අංශය භාවිතා කරන ආයතනයටම විශේෂයෙන් සකස් කරන ලද මෘදුකාංගයකි. මෙය "KPMG ශ්‍රී ලංකා ආයතනය" විසින් එහි බාහිර විගණන අංශයේ සේවය කරන සියළුම සේවකයන්ට ලබාදෙන "ලැප්ටොප් පරිඝනකය" තුළ ඇත්තකි. මා හටද එවැනි ලැප්ටොප් පරිඝනකයක් "2016 අගෝස්තු" මසදී ලැබුණි. මෙම මෘදුකාංගය ගැන වැඩි දෙයක් කීමට මා හට නැත. මෙම පරිඝනකය ඉතාම ආරක්‍ෂිත ලෙස ගොඩනගා ඇත. එයට ඇතුල්වීමට හැක්කේ එම ආයතනයට හා එහි භාවිතා කරන්නාට පමණි.ඒ රහස් පද හරහාය. මෙම මෘදුකාංගය මඟින් අදාළ විගණන වාර්තාව සකස් කරන විගණන හවුල්කරුගේ සිට අදාළ පුහුණුව ලබන විගණකයා දක්වා අදාළ මුල්‍ය වාර්තා විගණනයට අදාළ ක්‍රියාපටිපාටියේ ඒ ඒ පියවරයන්හි සම්පුර්ණ බාවය පිළිබඳව නිරීක්ෂණය කර අදාළ අදහස් හා උදහස් ප්‍රකාශ කළ හැක. අවසාන නිගමනය තෙක් වැරදි විගණන වාර්තාවක් සකස් වීමේ සම්භාවිතාව මේ නිසා අවම වේ. මා හට එවැනි මෘදුකාංගයක් භාවිතා කරමින් අදාළ මුල්‍ය ප්‍රකාශන විගණනයට සහභාගී වීමට ලැබීම මා භාග්‍යයක් ලෙස සලකමි.

දැන් මා සිතන විදිහට මේ ලේඛණයේ එන මාතෘකාවේ ප්‍රධාන කාණ්ඩ තුනක් පැහැදිලි කර ඇත.

මෙය සමස්තයක් ලෙස මාගේ KPMG ආයතනයේ, මතක වල කෙටි හැඳින්වීමක් ලෙස නිරුපණය කළ හැක.

ආශ්‍රිත මුලාශ්‍ර

















   






Comments

Popular posts from this blog

අසාර්ථක වසර දෙකක්..... (2018 මාර්තු සිට 2020 ජනවාරි)

2 years of failure..... (2018 March to 2020 January)